Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

The Sims 2 (අදම පවුල් වෙමුද?)


ඔන්න කවදාවත් එපා වෙන්නේ නැති,කවදාවත් Play කරලා ඉවර කරන්න බැරි හැබැයි ලස්සනම ලස්සන Game එකක් තමා අද දෙන්න යන්නේ ! Game එකනම් ලෝක ප්‍රසිද්ධ Game එකක්, ඔන්න ඉතින් කලබල වෙන්න එපා; ඔයාලා බලයි Play කරලා කවදාවත් ඉවර කරන්න බැරි Game එකක් කොහොමද ලෝක ප්‍රසිද්ධ වෙන්නේ කියලා ? එකට හොදම උදාහරණය තමයි අපේ ජිවිතය, අපේ Life එකත් Game එකක් වගේ තමා කවදාවත් දිනන්න බෑ මොකද එක දෙයක් ලබා ගන්නකොට තව දෙයක් ලබාගන්න හිතේනවා ! ඔන්න... මම වෙන පැත්තකට ගියා වගේ....... :D

ඇත්තම කිව්වොත් මේ Game එක මම 10 පාරකට වැඩිය Install කර කර Play කරලා තියේනවා! Game එකේ නම් The Sims 2 , Release උනේ September 16, 2004 වෙනි දා, Game එක හදලා තියෙන්නේ Electronic Arts සහ Maxis ආයතන දෙක එකතු වී , Game එකේ කරන්න තියෙන්නේ අපිටම කියලා Family එකක් හදලා ඒ Family එක ගොඩ නගා ගන්න එක තමා ... එත් එක හිතන තරම් ලේසී නෑ ! ඔන්න ලගදි Marry කරන්න ඉන්න ඈයෝ මේක Play කරන්නේ පරිස්සමෙන්... Marry කරන්න හිතෙන්නේ නැති වෙයි. :D

Game එකේ අපිට Marry කරලා ඉන්න Family එකක් තෝරා ගන්න පුලුවන්,Single Life එකක් ගෙවන කොල්ලෙක් හෝ කෙල්ලෙක් තෝරගන්නත් පුලුවන් . එහෙමත් නැතිනම් ඔයාලට කියලම Family එකක් Create කරන්න පුලුවන් !!!

The Sims 2 Game එක දෙන්නත් විශේෂ හේතුවක් තියෙයි !
ඒ විශේෂ හේතුව ලගදිම ඔයාලට Download කරන්නම දෙන්නම්කෝ ! :D

එහෙනම් Virtual පවුල් ජිවිතයක ලස්සනත් රස විදලා බලන්න... :) :D

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 36 Kbps-54 Kbps ( AVG : 42 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 3 hours \ 10 Minutes

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements :
OS: Windows Vista/XP/ME/2000/98 (Windows 95/NT/ME not supported)
Processor: 1.3 Ghz processor (2.0 for Vista)
Memory: 512 MB RAM (1GB for Vista)
HDD: 5.0 GB (for base game and expansions)
Video Card: T&L-capable video card with 32 MB of video RAM

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Spider-Man 3 (මකුළු මිනිසා)


ඔන්න ඔයාලට ටික දවසකින් Action Game එකක් දුන්නේ නෑ නේ ඔන්න එහෙනම් , එලකිරී, සුපිරී Game එකක් දෙන්න තමා අද යන්නේ ! ඔයාලා ගොඩක් කැමතියි නේ ලස්සන Story එකක් එක්ක Game එක Play කරන්න . මේ Game එකත් එක්තරා ලස්සන,ලෝක ප්‍රසිද්ධ,පොඩි අයගේ ඉදන් ලොකු ඈයොත් රසවිදපු Film එකකින් හදපු ලස්සන Game එකක් ! Game එකේ නම් තමා Spider-Man 3 ,Game එක Release උනේ May 4, 2007 වෙනිදා , Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි.

Game එකනම් Film එක වගේමයි ,Film එකේ වගේ මේ සැරේ Peter Parker ට ( Spider Man ට ) හතුරෝ තුන් දෙනෙක් ඉන්නවා , ඒ අතරින් ඔහුගේ අතීතයේදි කලණ මිතුරේකු වු Harry Osborn ද ඇතුලත් .

Game එකනම් අමාරුයි.... මොකද එක හතුරෙක්ට මදිවට හතුරෝ තුන්දෙනෙක් ම ඉන්නවනේ. :D :D Game එකේ Graphics අනර්ඝ තත්වයක පවතිනවා,Spider-Man 3 Game එක Spider-Man 1 සහා Spider-Man 2 වලට වැඩ්ය Advance Effects යොදාගෙන තියෙනවා!


එහෙනම් කට්ටියම Set වෙලා Super Hero කෙනෙක් ටඋදව් වෙමුද ලෝකය බේරා ගන්න? :)


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල):40 Kbps-52 Kbps ( AVG :38 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \42 Minutes


System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: Pentium 4 @ 1.8 GHz or Athlon Equivalent
Memory: 1 GB
Hard Drive: 6.7 GB Free
Video Memory: 256 MB (ATI x1300/GeForce 7300+)
Sound Card: DirectX Compatible
DirectX: 9.0c

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Tiger Woods PGA Tour 2008 (ගොල්ෆ් ගහන්න සෙට්වෙමුද?)


ඔන්න ඔයාලට සුභම සුභ ලස්සන දවසක් ප්‍රාර්ථනා කරමින් අද මම ඔයාලට දෙන්න යන්නේ නම් ටිකක් වෙනස් Sport Game එකක්, මේ ජාතියේ Game වැඩිය Windows වලට එන්නේ නෑ. Game එකේ නම තමා Tiger Woods PGA Tour 2008 ,Game එකේ කරන්න තියෙන්නේ නම් Golf ගහන්න තමා , Game එක release උනේ August 28, 2007 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Sports Game හදන්න ලෝක සුප්‍රසිද්ධ EA Sports ආයතනයයි.

Game එක ගැන කතා කලොත් මට ඔයාලට මුලින්ම හදුන්වලා දෙන්න වෙනවා මේ Tiger Woods කියන්නේ කවුද කියලා ? ගොඩක් යාලුවෝ දන්නවත් ඇති මේ ලෝක ප්‍රසිද්ධ Golf ක්‍රීඩකයා ගැන.ඔන්න දන්නේ නැති Friends ලාට දැනගන්නත් එක්ක එයා ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ !

Tiger Wood ඉපදුනේ December 30, 1975 වෙනි දා, මේ Golf ක්‍රීඩකයා තවමත් ලෝකයේ අංක එකේ Golf වැඩකාරයෙක් ! :D :D අපිට Game එක Play කරන්න තියෙන්නේ මෙයත් එක්ක එකතුවෙලා තමා...

Game එකනම් ලස්සනයි,ඔයාල Play කරලා බලන්නකෝ!

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 32 Kbps-45 Kbps ( AVG :34 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 4 hours \33 Minutes


System Requirements - 1.6GHz
Operating System: Windows XP, Windows Vista
System Memory:256MB RAM
Hard Drive Space: 3GB
Video: 64MB ATI RADEON 8500 or NVIDIA GeForce 3 DirectX 9.0c-compatible video card
Sound: CardDirectX 9.0c-compatible sound cardPC Drive Type and Speed
DVD-ROM 8xPC
Internet service required to access online features

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි

G-Force (හතර දෙනාම මීයෝ)


ඔයාලට සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා Free Game World වෙතින් ! අද දෙන්න යන Game එක නම් හදලා තියෙන්නේ 2009 වර්ෂයේදි ලෝක ප්‍රසිද්ධ උන Film එකකින්. Film එකේ නම G-Force,මම හිතන්නෙ ගොඩක් යහලුවෝ මේ Film එක බලලා ඇති.film එක තවමත් බැලුවේ නැත්තම් බලන්න හොදේ.මොකද ඒක ලස්සනම ලස්සන movie එකක් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.

එහෙනම් Game එක පැත්තට ගියොත් Game එකේ වැඩකාරයෝ ටික නම් මියෝ ටිකක් ( හරියටම කිව්වොත් Hamsters ලා ටිකක් තමා) ඉතින් Game එකේ කතාව නම් Film එක වගේම තමා ,ඒත් පොඩි වෙනස් කම් කිහිපයකටම ලක් වී තියේනවා !Game එක Release වෙලා තියෙන්නේ July 21, 2009 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Eurocom සහ Disney Interactive Studios ආයතනයි ! Game එකේ Graphics හොදටම තියෙයි !!!

Game එකේ Ending එකනම් පොඩ්ඩක් වෙනස් Film එකට වැඩිය , Film එකේ වගේ Speckles අත් අඩංගුවට පත්වී නෑ , ඔහු Game එකේ අවසානයේ G- Force ලාගෙන් නැවත පළිගැනිමට සූදානම්ව ජිවත් වෙලා ඉන්නවා :D

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 30 Kbps-40 Kbps ( AVG : 24 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 4 hours \53 Minutes


System Requirements : Microsoft® Windows® XP SP3 / Vista SP1
2.0 GHz Intel® Pentium® 4, 2400+ AMD Athlon or equivalent processor (XP)
2.4 GHz Intel Pentium 4, 1.8 GHz Intel® Core™ 2, 3000+ AMD Athlon or equivalent processor (Vista)
512MB RAM (XP) / 1GB RAM (Vista)
3 GB Hard Disk Space
128MB 3D video card supporting Hardware T&L (nVidia GeForce 6600 or ATI Radeon X1300 or better)
NOTE: Integrated (built-in) onboard chipsets (e.g. Intel, SiS, S3, ATI, nVidia) are not supported by this game

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Race Driver: Grid (වේගවත් ජයග්‍රහණයක් කරා)


ඔන්න අද මම දෙන්න යන්නේ ඇග හිරි වැටෙන වේගයකින් Car එලවන්න පුලුවන් Racing Game එකක්, Game එකේ නම Race Driver: Grid , Game එක Release උනේ May 30, 2008 වෙනි දා . Game එක හදලා තියෙන්නේ Codemasters ආයතනයයි ! Game එකේ Graphics තත්වය එහෙම හොද තත්වයක පවතිනවා.අළුත් ත්‍රිමාණ සජීවිකරණ අංග රැසැක්ම මෙම පරිඝණක ක්‍රීඩාව තුලින් හදුන්වා දුන්නා.

Game එකට සම්මානත් හම්බවෙලා තියේනවා ඒ අතරින් විශේෂ සම්මානයක් වන්නේ Best Racing/Sport Game 2008 By British Academy Video Games Awards කියන සම්මානයයි , Game එක Play කරනකොට අපිට පොඩි උදව්වක් වශයෙන් තත්පර 10 ක් Game-Play එක පිටිපස්සට ගන්න පුලුවන් ; හැබැයි ඉතින් මේ වැඩේ කරන්න පුලුවන් සීමිතවාරයක් පමණයි ! Game එක Network කරලා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් නිසා තවත් ලස්සනයි...

Game එකට සම්මාන හම්බෙන්න තරම් ලස්සන මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා ? උත්තරේ තමයි Game එකේ යොදාගෙන තියෙන Special Effects . Game එකනම් හෙන අමාරුයි එත් Challenge එක බාරගෙනම බලන්නකෝ !මේක අමාරුයි කියලා මම කියන්නේ මේක ගොඩක් තාත්වික racing game එකක් නිසායි.එක පාරක් අධික වේගයෙන් ගිහින් හැප්පුවොත් හැප්පුවාම තමයි.ආයිත් එලවන්න නම් බැහැ ඉතින්.එතනින් game over වෙනවා.

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් :-

Torrent එකේ Speed එක: 50 Kbps-59 Kbps ( AVG : 44 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 2 hours \37 Minutes


System Requirements :Windows XP with Service Pack 2, Windows Vista or Windows 7
Intel Pentium 4 , 3 GHz or AMD Athlon 64 3000+ processor
1 GB RAM ( 2 GB MB Required )
Nvidia GeForce 6800 or ATI Radeon X1300 or above ( Recommended : Nvidia GeForce 8800 or ATI Radeon X1950 )
12 GB of free HD space
Broadband internet connection required - 512kbps + Recommended

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

UEFA Euro 2008 (පාපන්දු පිස්සුවට මෙන්න බෙහෙත්)


ගොඩක් යාලුවෝ Free Game World වේතින් ඉල්ලපු දෙයක් තමා ... තව Foot Ball Game එකක් ! ඔන්න ඒ නිසා අද මම හිතුවා ඔයාලට මේ Game එක දෙන්න .
මේ Game එකේ නම UEFA Euro 2008 , Game එක Release උනේ April 18, 2008 වෙනි දා, Game එක හදලා තියෙන්නේ EA Sports ආයතනයෙන්...


UEFA Euro 2008 Game එකේ Teams 53 ක් නියොජනය කරනවා , ඒ නිසා අපිට Game එකේ තරග කාරිත්වය වැඩ්යි, එවා ගේ ම UEFA Euro 2008 Game එකේ විශේෂයෙන් සදහන් කලයුතු අංගයක් වන්නේ ; අපිට Team එකක් Select කරගෙන එකේ Captain වෙලා අපිට මුලූ Team එකම Control කරන්න පුලුවන් ! හැබැයි Team එකේ Captain වෙන්න අපිට Skill Levels 8 ක් Pass වෙලා ඉන්න ඔනී ......

UEFA Euro 2008 Game එකේ Graphics තත්වය ගැන කියන්න දේයක් නෑ !!! මොකද EA Sports Game එකක් නිසා.... Game එකේ Setup ෆිලෙ එක 2 GB විතර වෙනවා , ඒ නිසා ඉක්මනට ඩොව්න්ලොඅඩ් කරගන්න පුලුවන් ,මේ Game එක Network කරලා Online Play කරන්නත් පුලුවනී...

අද ඉදන් මම මගේ ලිපි වල අලුත් අංගයක් ඉදිරිපත් කරන්න බලාපොරෝත්තු වෙනවා , මේ අංගයෙන් මම හිතනවා ගොඩක් යහලුවන්ට ලෙසි වෙයි කියලා Game එක Download කරගන්න !!

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් :-

Torrent එකේ Speed එක: 45 Kbps-56 Kbps ( AVG : 40 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 3 hours \ 45 Minutes


මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - CPU: 2.0 GHz
RAM: 512 MB (1 GB required for Windows Vista)
DirectX 9.0c Compatible 3D accelerated 128 MB (Or Higher )
Not supported chipset (Geforce4 Mx Series)
-DirectX 9.0c Compatible Sound Card or higher

World in Conflict (ලෝකයම අර්බුදයක)


මේ දවස් වල ඔයාලට game එකක් දෙන්න බැරි වුනානේ.කොහෙද වැඩ වැඩියි හොදටම මේ දවස් ටිකේ.ඔන්න ඉතින් කොච්චර වැඩ තිබ්බත් අද මේ දෙන්න යනවා එළ කිරි game එකක්.මම මේක දෙන්න හිතන් හිටියේ සෑහෙන කාලයක ඉදලා.ඒත් කොහෙද වෙලාවක් තිබ්බේ නැහැනේ.අද පරිඝණක ක්‍රීඩා ලෝකය වෙතින් ලැබෙන්නේ Strategy game එකක්.ගොඩක් අය Strategy games ගහන්න කැමතිනේ.ලෝකයේ Strategic games වලින් උඩින්ම තියෙන එකක් තමයි World in Conflict කියන්නේ.ඔන්න අද දෙන්න හදන්නේ Ubisoft ආයතනය විසින් නිර්මාණය කල ඒ පරිඝණක ක්‍රීඩාව තමයි.මේ පරිඝණක ක්‍රීඩාව නොකුත් වුණේ 2007 අවුරුද්දේ.

මේ game එකේ මුලින්ම ඔයාලට ලබාගන්න පුළුවන් පුහුණුවක්.ඒකේදී මේ game එකේ තියෙන සියළුම හැසිරීම් වටහා ගන්න පුළුවන් වෙනවා.මම එහෙම කිව්වේ මේ game එකේ තියෙනවා විශේෂ හැසිරීම් කිහිපයක්.අන්න ඒවා අපිට ගොඩක් වැදගත් වෙනවා game එක play කරද්දී.මෙහිදී අපිට කරන්න තියෙන්නේ යුද්ධයක් හසුරුවන්න තමයි.අපිට දෙන හමුදාවෙන් අපි සටන මෙහෙයවන්න ඕනේ.ඒ වගේම තමයි ඇමරිකාවට ආක්‍රමණයක් එල්ල වනවා.අන්න එයින් බේරීම තමයි මෙම පරිඝණක ක්‍රීඩාවේ තේමාව.අපිට දෙන හමුදාවෙන් වගේම අපිට පුළුවන් අපේ සහයට තවත් හමුදාවන් ගෙන්න ගන්න.එහිදී ගුවන් සහයද ලබාගෙන සතුරාට විශාල හානියක් කරන්න හැකියාව තියෙනවා.

මෙහි ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහල තත්වයක පවතිනවා.ඒක නිසා බාගන්න කලින් පද්ධති අවශ්‍යතා බලන්න.අද නම් මට මේ game එකේ rip file setup එකක් හම්බුණා.ඒක 2.7GB විතර වෙනවා.ඔන්න game එක ගන්නවා වගේම comment එකක් දාන්න අමතක කරන්න එපා.


System Requirements - Processor: 2.0 GHz
RAM: 512 MB
Video Memory: 128 MB
Only supplied on DVD?: Yes
Hard Drive Space: 9 GB
Operating System: Windows XP, Windows Vista (32-bit)
DirectX Version: 9.0c

Mirror's Edge (වික්‍රමාන්විත කාන්තාවක්)


අද ඔයාලට දෙන්න යන Game එක ගිය අවුරුද්දෙ Release වෙච්ච Game එකක් , එවාගේම මේ Game එක දෙන්න හිතුවේ ! මේකේ ප්‍රධාන විශේෂත්වයන් දෙකක් තියෙයි; පලමුවෙනි එක තමා මේ Game එකේ Actionඒ Fighting ,Shooting කරන අදීය ලස්සනට හදලා තියෙයි ! හරියට Matrix වගේ, දෙවන විශේෂ කාරණය තමා මේ Game එකේ අපිට Play කරන්න වෙන්නේ ගෑහැණු ලමයෙක් විදිහට :D :D :D :D , එත් ව්ශ්වාස කරන්න මෙයා හෙන වැඩකාරියක්. Game එක හරියටම Release උනේ January 16, 2009 වෙනි දා. Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි !!!

එහෙනන් Game එක ගැන පොඩ්ඩක් දැන ගෙන ඉදිමු ! ; Game එකේ ප්‍රධාන චරිතය,ඒ කියන්නේ අපි Play කරන්නේ Faith Connors කියන අවුරුදු 24 ක් වයස ගෑහැණු ලමයෙක් ලෙසයි ,ඉතින් Story Line එක දෙස අපි බැලුවොත් , Faith Connors ට සහෝදරියක් සිටිනවා Kate කියලා. ඇය මිනීමැරුමකට සැක කරන ගෑහැණු ලමයෙක් , නමුත් ඇය එම මිනීමැරුම කලේ නැති බව දැන ගන්න Faith තම සහෝදරිය මෙම අපවාදයෙන් බේරා ගැනීමට ;ඇය(Faith ) මේ මිනිමැරුම තම් සහෝදරිය පිට පැටවු යැයි සිතන පුද්ගලයෙක් පසු පස යයි , ඔහුව එක අවස්තාවකදී අල්ල ගත්තත් ඔහු කිසිවක් කියන්න ට ප්‍රථම යෙන් ඔහුව තවත් හදුනා නොගත් පුද්ගලයෙක් විසින් මරාදමනු ලබයි !!! ඉතින් මේ සිද්දිය නිසා Faith තවත් කූපිත වී එම මිනීමරුවා පසුපස යයි !!!

නමුත් මේ ගමන හිතන තරන් ලේසි නෑ ,මොකද Faith ට හිතාගන්න බැරී විදිහේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා ......

ඉතින් Faith ගේ මේ වික්රමාන්විත ගමන කොහෙන් කෙල්වර වේයිද ? තම සහොදරියට යුක්තිය ඉටු කිරීමට ඇයට හැකි වෙයිද ? ඔයාලම මේ Game එකත් Play කරලා බලන්නකෝ Faith Connors ට මොකද වෙන්නේ කියලා !!!මේකේ setup file එක නම් 4GB විතර තමයි වෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගෙන comment එකකුත් දාන්නකෝ.

මෙන්න මෙතනින් බාගන්න

System Requirements :
Supported OS: Microsoft Windows XP SP2 or Vista,
Processor: 3.0 GHz or faster,
Memory: 1 GB RAM
Graphics: 256 MB Shader Model 3.0 required. NVIDIA GeForce 6800 or better,
Hard Drive: 8 GB free space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

NBA 2K9 (නැවතත් පැසිපන්දු පිටියට)


ඔන්න යහලුවෙනි අද දෙන්න යන Game එකනම් Sport Game වලින් ප්‍රධාන තැනක් ගන්න Game එකක් , මට මතක විදිහට මම මීට කලින් මේ Game එකේ 2008 Version එක දුන්නා , Game එකේ නම NBA 2K9 , Release උනේ October 20, 2008 වෙනි දා ,Game එක හදලා තියෙන්නේ 2K Sports ආයතනයයි ! .Game එක මොකක් ගැනද කියලා කියන්න ඔනී නෑනේ ? මොකද නම අහපුගමන් ඔයාල දන්නවා Basket Ball ගැන කියලා !

ඔයාලා දන්නවත් ඇති මේ Game එක ලොකේ පුරා ප්‍රසිද්ධ ක්‍රීඩාවක් කියලා,විශේෂයෙන් America වේ !

Game එක ගැන කතා කලොත් 2008 NBA Games වලට වැඩිය විශේෂ අංග කිහිපයක් 2009 NBA Games වලට එකතු වෙලා තියෙනවා ! එවා අතරින් කිහිපයක් නම් ; Game එකේ Reality එක පවත්තාගෙන යෑමට player කෙනෙක් Score කරපුවාහම සහා Score කරන්න බැරි උනාම ප්‍රතිචාර දක්වන ක්‍රමද ගොඩක් මේ සැරේ NBA Game එකට Add කරලා තියෙයි! එවාගේම Game එකට අලුතෙන් එකතු වෙන Dynamic DNA කියන Feature එක නිසා ඔයාලට Players ලා ගෙ ඇත්තම හැසීරීම් රටා,Players ලා ගේ මුහුණු ,Tattoos, Shoes අදීය මේ Game එකෙන් ඔයාලට දැක බලාගන්න පුලුවන් !!!

විශේෂයෙන් කියන්න ඔනී NBA 2K9 Game එකේ Graphics හොද තත්වයක පවතිනවා ! .එවාගේ ම මේ සැරෙත් ඔයාලට ඔනී විදිහට තමන්ටම කියලා Super Player කෙනෙක් හදන්න පුලුවන් !!!

එහෙනන් ඔන්න ආයෙත් පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද ? :D :D

මෙතනින් බාගන්නකෝ

System Requirements - OS: Windows Vista, XP, or 2000 CPU |
CPU: Pentium 4 2.4 Ghz Single Core processor or equivalent (2.8 Ghz for Vista)
RAM: 512 MB or more (1 GB for Vista)
Hard Drive: 10.5 GB or more free space |
* Video card with 128 MB or more memory and one of the following chipsets is required: ATI x1300 or greater | NVIDIA 6600 or greater | DirectX 9.0c compatible card with Shader Model 3.0 support.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Scarface: The World Is Yours (ලෝකයම ඔබේ පමණයි)


අළුත් අවුරුද්දට මේ දෙන්න යන්නේ ටිකක් පරණ නමුත් ගොඩක් ලස්සන action adventure game එකක්.ඔන්න අද දෙන්න යන Game එකේ නම Scarface: The World Is Yours ,මම හිතන්නේ ගොඩක් අය මේ Game එක ගැන දන්නේ නැතිව ඇති ! ඒ නිසාමයි මේ Game එක දෙන්න හිතුවේ.මේ Game එක Releas උනේ July 28, 2006 වෙනි දා. Game එක හදලා තියෙන්නේ Vivendi Universal Games ආයතනයයි .

Game එක ගැන කතා කලොත් මේ Game එක හදලා තියෙන්නේ Scarface Film එකෙන්,ඒ වගේම කියන්න ඔනී මේ Film එකෙන් ගත්ත කථා තේමාව ඔස්සේ තමා GTA : Vice City Game එක සාදා තිබෙන්නේ ! ඔන්න දැන් ඔයාලා හිතයි "අයියෝ GTA Vice City වගේද කියලා " , Game එකේ කථාව Vice City එකට වැඩ්යනම් හොදයි, ඒවාගේම මේ Game එකේ තව විශේෂත්වයක් වන්නේ Game එක GTA: Vice City එකට වැඩිය Realistic අතින් පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා !!!

Game එකේ Story Line එකට ගියොත් අපිට Play කරන්න තියෙන්නේ Tony Montana පුද්ගලයා වශයෙන් ! හැබයි කියන්න ඔනී අපි හොද පුද්ගලයෙක් නම් නොවේ, අපි Miami නගරයේ Drug Empire එකක් හදාගෙන ඉන්න පුද්ගලයෙක්, Game එක පටන් ගන්නේ අපිව යම් කිසි පිරිසක් මරන්නට තැත් කරන විට අපි කොහොම හරී එතනින් බේරිලා පැනලා යනවා , අපිව මරන්න කට්ටිය එවන්නේ Alejandro Sosa කියන පුද්ගලයා ............
ඉතින් අපිට කරන්න තියෙන්නේ එම පුද්ගලයව හොයලා මරන්න තමා , ඔහුව මරන්න කලින් අපි නැවත සල්ලි හොයාගෙන හොද තත්වයකට එන්න ඔනී !!! ඒ වගේම තව අකරතැබ්බ රාශියකටද මුහුණ දෙමින්,විවිධාකාරයේ වික්‍රාමාන්විත වැඩ කරමින් තමා Game එක Play කරන්න තියෙන්නේඉතින් යහලුවෙනි Tony Montana ට ඔහුගේ Drug Empire එක කඩා දැමු ඒ පුද්ගලයා හොයාගෙන යුක්තිය ඉටු කරන්න,උදව් කරලා බලන්නකෝ !!!


System Requirements : OS - Windows XP
1.8 GHz or faster Intel Pentium 4 (2.8 GHz recommended)
RAM: 256 MB or more (512MB or more recommended)
VGA: 128 MB ( NVIDIA GeForce FX 5500 ATI Radeon x800 or NVIDIA 6800 or greater recommended)
Hard Disk Space : 2.9 GB (5 GB recommended)
Sound: DirectX 9.0c compatible sound card.

Direct X Install කරගන්න

Crack: ( If needed )

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Rugby 08 (අවුරුදු නිවාඩුවට ඇගේ පතේ හිරි ඇරගන්න)


මුලින්ම ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ප්‍රාර්ථනා කරනවා.මේ අළුත් අවුරුද්දේ තවත් sport game එකක් දෙන්න තමයි අද මම හිතුවේ.ඒක නිසා තමයි මේ ලස්සනම sport game එක මේ අවුරුද්දේ දෙන්න හදන්නේ.ඔන්න අද දෙන්න යන්නෙ ඇගවල් එහෙම පරිස්සම් කරගෙන Play කරන්න ඔනී Game එකක් , Game එකේ නම Rugby 2008, නම ඇහුවම දන්නවා අර බිත්තරයක් වගේ බොලේකට ඇගවල් තලා ගන්න Game එක කියලා !! :D :D මෙහෙම කිව්වට Rugby ලොකයේ Team වශයෙන් Play කරන Games වලින් භායණක සහා කෑ ගැස්සෙන Game එකක් !!! :D :Dඒ වගේම තමයි මේ එක ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් කියලා දන්නේ නැති කෙනෙක් නැහැනේ.Rugby ලංකාවෙත් දැන් නැගි එන ක්‍රීඩාවක්, ලංකාවෙත් දැන් ගොඩක් අය කැමතියි මේ Game එකට . Rugby 08 Release උනේ July 25, 2007 වෙනි දා. Game එක හදලා තියෙන්නේ Sports Games වලට ප්‍රසිද්ධ Electronic Arts ආයතනය තමා!

Game එකේ කරන්න තියෙන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ ? Rugby 08 Game එකේ National Team 23 ක් තියෙනවා ! Game එකේ Graphics හොද තත්වයක් පවතිනවා , Game එකේ වෙනත් Electronic Arts Sport Games වල වගේම ඔයාලටම කියල Super Player කෙනෙක් Create කරන්න පුලුවන්. තව දෙයක් තමා Game එකේ Player Controller ලේසි නිසා පහසුවෙන් Player ව හසුරවන්න පුලුවන් !!! එහෙනන් ඔයාලා ඇගවල් තලාගන්නේ නැතුව Rugby 08 Play කරලා බලන්නකෝ ! මේකේ එකත් 1.5GB විතර වෙන නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.මතක ඇතිව Comment එකකුත් දාන්න..... ඔයාලා කැමති Games තියේනවන්ම් Comment එකේ ලියන්න !!

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements : Windows 2000/XP
1.2 GHz Processor
256MB Ram (512 MB )
1.2 GB Hard Drive Space
32 SPEED CD / DVD Drive
32 MB* Graphics Card ( For Higher Performance 64 MB )
DirectX 9.0c compatible Sound Card
DriectX Version 9.0c (included)
2-4 players on 1 pc
Keyboard, Mouse or USB Gamepad

CD Key if needed - 9FMV-2CUD-T9HK-CGWQ-AZ6C
NJ2A-YULG-A9N8-GLR3-8SDC
TVAA-6DUM-XMY6-ELY7-UGCZ
THJ2-USEQ-TLWH-CQKX-MQDW
9X2A-XBYY-57Z8-J3F6-X9XH
FQJ2-TA8X-LQ2K-B684-L7LB
XQWE-CLF5-DM4N-7KH8-ZAZN

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Hitman : Blood Money (ලේ තැවරුණු මුදල් සොයා...)


පරිඝණක ක්‍රීඩා ලෝකය විසින් සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දෙන විශේෂ පරිඝණක ක්‍රීඩා වලින් දෙවෙනියාට ලබා දෙන්නේ 2006 අවුරුද්දේ මුළු ලෝකයේම ප්‍රසිද්ධ වුණු පරිඝණක ක්‍රීඩාවක්.game එකේ නම තමයි Hitman : Blood Money.මම ඔයාලට hitman series එකේ කලින් සංස්කරණයන් දුන්නානේ.අද මේ දෙන්නේ 4 වෙනි සංස්කරණය.මේක අයත් වෙන්නේ first person shooting games වලට තමයි.Eidos ආයතනය විසින් නිර්මාණය කල මෙම game එක ඉතාමත් ලස්සන වගේම කුතුහලය රැදි පරිඝණක ක්‍රීඩාවක් එකක් කියලා හදුන්වන්න පුළුවන්.

මේ සැරේදීත් අපිට කථා නායකයා ලෙස හම්බවෙන්නේ 47 ලෙස හදුන්වන සූක්ෂම මිණීමරුවායි.මෙවර ඔහු සැරි සරන්නේ ඇමේරිකාවේ නගර ආශ්‍රිතවයි.ඇත්තටම මෙහිදී අපිට කරන්න තියෙන්නේ කුලියට මිණී මරන්න තමයි.එසේ සිදු කරන විට වෘත්තිමය පුද්ගලයෙක් ලෙස අපිට තියෙන්නේ කිසි කෙනෙකුට සාක්ෂි ඉතුරු නොකර මිණීමරන්න.ඒක නිසා අපි ගොඩක් තාත්වික විදියට හිතන්න ඕනේ.මෙහිදී ලෝකයේ ඉතාමත් දියුණු අවි ආයුධ පරිහරණය කිරීමට ලැබෙනවා.ඒ වගේම තමයි ඒ ආත්ම ආරක්ෂාව සදහා වෙනව උපකරණ මිලදී ගන්න පුළුවන්.ඔයාලා සෙල්ලම් කරලා බලන්නකෝ එක කොහොමද කියලා.Game එකේ setup file එක නම් 4GB විතර වෙනවා.හැබැයි ඔයාලා අනිවා play කරන්න ඕනේ game එකක් කියලා හදුන්වන්න පුළුවන්.ඒක නිසා ගොඩක් අය මේක ක්‍රීඩා කරයි කියලා හිතනවා.play කරලා comment එකකුත් දාන්නකෝ.


System Requirements - Processor: 1.5GHz
RAM: 512MB
Only supplied on DVD?: Yes
Hard Drive Space: 5GB
Operating System: Windows 2000/XP
DirectX Version: 9.0

King Arthur (එංගලන්තේ රජ වෙමුද?)


ඔන්න සිංහල අළුත් අවුරුද්දට දෙන පළවෙනිම තෑග්ග තමයි මේ දෙන්න හදන්නේ.මුලින්ම දෙන්නේ අලුත්ම පරිඝණක ක්‍රීඩාවක්.අළුත් අවුරුදු සෙල්ලමත් අපි හදුන්වා දෙනවා අද දවසෙම.අද මම ගොඩාක් කාලෙකට පස්සේ Strategy Game එකක් දෙන්න හිතුවා !!! Game එකේ නම King Arthur ,Game එක හදලා තියෙන්නේ Neocore Games කියන ආයතනය, Release වෙලා තියෙන්නේ November 24, 2009 වෙනි දාය .මෙම පරිඝණක ක්‍රීඩාව අයත් වෙන්නේ Role playing strategy කියන කොටසට.ඒ කියන්නේ එක් චරිතයක් හසුරවමින් ක්‍රීඩා කිරීම තමයි.

Game එක ගැන කතා කලොත් මේ Game එකේ අපිට Play කරන්න තියෙන්නේ King Arthurහැට්යටයි !!! වෙනත් Strategy Games වගේම අපිට King Arthur යටතේ සිටින හමුදාව මෙහෙයවන්න පුලුවන් අතර , අපිට මේ Game එක Play කරන්න තියෙන්නේ ලස්සනම ලස්සන Story එකක් එක්කයි ! මේ Game එක පොඩ්ඩක් Age Of Empire: Age Of Mythology වලට සමානවෙනවා , මොකද ඔයාලට මේ Game එකේ Hereos ලා ට එක එක Powers තියෙනවා ...ඔයාලා ට ඔනි වෙලාවකට එවා යුද්ධ කරන වේලාවට පාව්ච්චි කරන්න පුලුවන් ! එවාගේ ම Game එකේ Graphics Quality එක හොද තත්වයක පවතිනවා !!!! ඒ නිසා පද්ධති අවශ්‍යතා හොදට බලලා Game එක Download කරන්න ..... එහෙනන් King Arthur ගේ වික්‍රමාන්විත ලෝකයට ඔයාලත් එකතුවෙලා බලන්න.කියන්නත් අමතක උනා Game එකේ Setup File එක 6 GB විතර වෙනවා.මේකටත් comment කරන්න නම් අමතක කරන්න් එපා.


System Requirements : Intel Processor - Core 2 Duo E6420 2.13GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 5000+
Nvidia Graphics Card- Geforce 8800 GT
ATI Graphics Card- Radeon HD 3800 series
RAM Memory - 1.5 GB
Hard Disk Space - 6 GB
Direct X - 9

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!


ඔන්න පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් අළුත් අවුරුද්දට ඔයාලට තෑගි දෙන්න තමයි හදන්නේ.අප්‍රේල් 13 සහ 14 දවස් වල පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් පරිඝණක ක්‍රීඩා 2 ගානේ දෙනවා.ඔයාලා ගොඩක් ආසාවෙයි කියලා හිතන games තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ.ඒක නිසා ඔයාලා බලාගෙන ඉන්නකෝ අපේ අවුරුදු තෑගි දෙනකම්.

ඒ වගේම තමයි අපි අළුත් අංගයක් හදුන්වා දෙනවා.අපි මේ සැරේ අවුරුදු ක්‍රීඩා කරන්නේ අළුත් විදියකට.අපි අහනවා ඔයාලගෙන් ප්‍රශ්න 10ක්.ඒ ප්‍රශ්න අහන්නේ පරිඝණක ක්‍රීඩා සම්බන්ධවයි.ඔයාලට පුළුවන් අපේ ඒ application එකට ගිහින් ඒවාට උත්තර දෙන්න.ඔන්න අපි වැඩිම ලකුණු ගන්න අයගේ නම් ලැයිස්තුවකුත් දානවා අපේ බ්ලොග් එකේ.

පරිඝණක ක්‍රීඩා ලෝකය වෙතින් ඔබට සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා!

Thief: Deadly Shadows (අද්විතීය හොරුන්ට පමණයි)


අද දෙන්න යන Game එකේ කතාවනම් හරි නෑ මොකද , හොරකම් කිරිල්ලක් තමා තියෙන්නේ ! :D :Dඅපේ අයට ඉතින් මේක අළුත් දෙයක් නෙවෙයිනේ,කොහෙබැලුවත් හොරකමනේ.කථාව වෙන පැත්තකට යනවා වගෙයි. මේ Game එකේ නම Thief: Deadly Shadows මේ Game එක Thief කතා මාලාවේ තුන්වෙනි වෙලුම, ඔයාලා බලයි ඇයි මේ 3 වෙනි Game එක දෙන්නේ 1 ,2 දෙන්නේ නැතිව ? එකට හෙතුකාරණා කිහිපයක් තියෙයි , පලමුවෙනි එක තමා Thief පලමුවෙනි Game එක Release උනේ 1998 ඉතින් Game එක අවුරුදු 10 කටත් වැඩිය පරණයි ! ඉතින් මම හිතුවා Thief Game Series එකේ තුන්වන වෙලුම ඒ කියන්නේ 2004 දී Release වෙච්ච පොඩ්ඩක් පරණ ඒත් සාමාන්‍ය හොදට Graphics තියෙන ,System Requirements අඩුවෙන් ඉල්ලන මේ Game එක දෙන්න !! :) :)

Thief: Deadly Shadows Game එක හරියටම Release උනේ June 11, 2004 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Eidos ආයතනය විසින් , ඒ නිසා අනීවාර්යයෙන් ම මේ Game එක ලස්සන Game එකක් කියලා ඔයාලා දන්නවා ! අපිට මේ Game එකේ පාලනය කරන්න තියෙන්නේ Garrett කියන අද්වීතීය හොරෙක්ව !Game එකේ තව විශේෂත්වයක් වෙන්නේ ඔයාලට Garrett ව නගරයේ ඔනෑම තැනකට ගෙනියන්න පුලුවන් (Thief 1 සහා Thief 2 කේ අපිට මෙසේ ඔහුව පාලනය කරන්න බෑ ) ඉතින් ඔයාලම ලොකයේ අති විශිෂ්ටම හොරා වෙලා බලන්නකෝ ! අද ඔයාලා හම්බුණේ ටිකක් අළුත් විදියේ game එකක්.comment එකක් දාන්න අමතක කරන්න එපා.ඔයාලගේ comments තමයි අපිට තියෙන ශක්තිය.ඒක නිසා අනිවා comment කරන්න.මේකේ setup file එක නම් 2GB විතර තමයි වෙන්නේ.ඉක්මණට download කරන්නත් පුළුවන්.

මෙතනින් බාගන්නකෝ


System Requirements : Windows XP (WIN)
1.5 GHz CPU, 256 MB RAM,
64 MB video card RAM,
4X CD-ROM drive, DirectX 9.0b,
3.0 GB available hard disk space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Beijing 2008 (ඔලිම්පික් යමුද?)


ඔන්න ඉතින් ටික කාලෙකින් Jayath අයියාටයි මටයි Sport Game එකක් දෙන්න බැරි උනානේ ! ඔන්න ඒ නිසා හිතුවා ... එකම Game එකක ගොඩක් Sport Events තියෙන Game එකක් දෙන්න.මුළු ලෝකයේම විශාලතම ක්‍රීඩා උත්සවය මොකක්ද කියලා ඔයාලා හැමෝම දන්නවනේ.olympic කිව්වාම අපිට ඉතින් වෙන දෙයක් නැහැනේ.2008 අවුරුද්දේ olympic ක්‍රීඩා උත්සවය පැවතුනේ චීනයේ Beijing නගරයේදීනේ.අන්න ඒක පාදක කරගෙන තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිර්මාණය වෙලා තියෙන්නේ.මේ Game එකේ නම Beijing 2008 ,නම අහපු ගමන් ඔයාලා දන්නවනේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා , Athletic වලට දැනට තියෙන එකම ,හොද Graphics තියෙන Game එක තමයි මේක.Game එක හදලා තියෙන්නේ Sega ආයතනයෙන් , Releas උනේ August 8, 2008 වෙනිදා.

ඉතින් හැමදාම වගේ මේ Game එකට නම් Story Line එකක් නෑ ! :D :Dහැබැයි ඔයාලට Olympic වල තියෙන හැම Game එකක් ම වගේ Play කරන්න පුලුවන් මේ Game එකේ. 100 m,200m,400m,Javelin throw,Skeet shooting,Parallel bars,Weightlifting,Table tennis,Judo,Long jump.... වැනි Events සහා තව ගොඩක් Events Play කරන්න පුලුවන් !
මම දකින එක වරදක් තමයි මේකේ play කරන්න තියෙන්නේ රටවල් 32ක් පමණයි.ඒක නිසා එතනදී මම නම් මෙහි අඩුපාඩුවක් දකිනවා.ඉතින් යහලුවෙනි මේ Game එක Download කරලා Play කරලා බලන්න , ඔයාලට World Champion කෙනෙක් වෙන්න පුලුවනිද කියලා !!!Game එකේ Setup File එක 5 GB වගේ වෙනවා...... ඒත් ඔයාලා Play කරලා බලන්න වට්න Game එකක් තමා Beijing 2008.ඔයාලා comment එකකුත් දාන්න.


System Requirements :
Windows XP , Intel Pentium IV 2.4 GHz ,
1GB RAM, 5.5 GB hard disk space,
nVidia GeForce 6600 or
ATI equivalent with support for Pixel Shader 3

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

මොකක්ද මේ Torrennts කියන්නේ? (How To Download A Torrent ?)


ඔන්න අද මම Free Game World වෙතින් කියලා දෙන්න යන්නේ කොහොමද Torrent එකක් Download කරන්නේ කියලා! අපේ සමහර යහලුවෝ Torrent File එකක් Download කරන්න දන්නේ නැති නිසා Jayath අයියායි මමයි හිතුවා එයාලට උදව්වක් වශයෙන් මේ Article එක ලියන්න !

හරි මුලින්ම Torrent File එකක් Download කරන්න ඉස්සෙල්ලා අපි Torrent ගැන දැනගෙන ඉදිමු. ඇත්තටම මේ Torrent එකක් කියන්නේ Internet එකේ තියෙන අනෙක් Download කරන්න පුලුවන් File වගේම ජාතියක් ! හැබයි ඔයාලා දන්නවා ඇති සමහර Internet එකේ තියෙන File අපිට ඔන වෙලාවට නවත්ත නවත්ත ඩොව්න්ලොඅඩ් කරන්න බෑ (Resume ) හැබැයි Torrent වල වෙනස තමා අපිට ඔනෑ වෙලාවක නවත්තලා , අපිට අපහු කැමති වෙලාවක අපි නවත්තපු තැනින් Download එක පටන්ගන්න පුලුවන් .ඒ කියන්නේ Download manager software එකක්.

***********************************
මොනවාද මේ Seed / Peer (Leechers) කියන්නේ ?
***********************************
අපි Torrent එකක් Download කරන්න ඉස්සෙල්ලා මුලින්ම බලන්න ඔනී දේ තමා මේ ! මොකක්ද Seeds/Peers කියන්නේ Torrent එක Download Speed එක පාලනය කරන දෙයක් , Seed/Peer අඩුයි නම් අපි Download කරන File එක Download වෙන්න වෙලා යනවා ( සමහර විට සතිගානක්),Torrent වල තව විශෙෂත්වයක් වන්නේ අපි Download කරන ගමන් අපි ඒ File එක Seed කරන එකයි !!! අපි Seed කරනවා කියන්නේ අපි ඒ Download කරපු File එක නැවත එම Server එකට upload කරනවා කියන එකයි ; එතකොට තව කවුරු හරි එතනින්ම එම File එක Download කරන්න හැදුවොත් එයාගේ Download Speed එක වැඩි වෙනවා !!!ඒක තමයි ඔය ගොඩක් torrent comments වල තියෙන්නේ seed කරන්න කියලා.

අපි එහෙනම් Torrent කියන්නේ මොකක්ද කියලා දැනගත්ත නිසා , අපි මුලින්ම Torrent එකක් Download කරුන්න ඉස්සෙල්ල සැලකිය යුතු කාරණා ටික බලලා ඉදිමු !!

මුලින්ම අපිට Torrent File එක Download කරන්න උදව් වෙන පොඩි Software එකක් Download කරගෙන ඉන්න ඔනී , Torrent Download කරන්න හදලා තියෙන Software කිහිපයක් තියෙයි , එවා අතරින් පහත සදහන් Sotware තුනෙන් ඔනි එකක් ඔයාලා Download කරලා Install කරගන්න.

Bit Comet : ( Recommended)

U torrent

Bit Torrent

හරි දැන් ඔයාලා Software එක Install කර ගත්ත නම් , ඉතුරු Step ටික Simple ..... :D :D
දැන් ඔයාලට තියෙන්නේ Free Game World වෙතින් හෝ වෙනත් Torrent Download Site එකට ගිහින් තමන්ට ඔනී File එක Download කරන්න....

උදාහරණයකට : ඔයාල Free Game World Blog එකේ තියෙන Game එකක් Download කරන්න ; " මෙන්න මෙතනින් බාගන්නකෝ" කියන Link එක Click කරලා එන Site එකෙන් "Download" Click කරන්න එකෙන් Download වෙන පුංචි File එක දෙපාරක් Click කරන්න ....එතකොට Automatically ඔයාලා Install කරපු Torrent Download Software එකෙන් ඔයාලගෙන් අහනවා කොහේටද Save කරන්නේ කියලා .....ඔයාලා ගේ Hard Drive එකේ Save කරන්න ඔනි තැනට ඒක පෙන්වන්න ( Browse ).......... ඔන්න ඉතින් අමාරුම වැඩේ ....දැන් ඉතින් File එක Download වෙනකන් බලාගෙන ඉන්න තමා තියෙන්නේ !! :D :D :D

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Need for Speed Pro Street(ධාවන පථයේ අණසක පතුරුවන්න)


අපොයි, මට ගොඩ දවසකින් ඔයාලට racing game එකක් දෙන්න බැරි වෙලානේ.මම පරිඝණක ක්‍රීඩා ලෝකය තුලින් ඔයාලට කොහොමත් Need for speed racing games ටික ටික දුන්නානේ.අද දෙන්න තියෙන්නේ පිලිවෙල බැලුවාම Need for speed Pro Street කියන racing game එක තමයි.2007 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී තමයි මේ game එක අපිට ක්‍රීඩා කරන්න ලැබුනේ.නමුත් මෙම අවස්ථාවේදී නම් NFS game එක ටිකක් අසාර්ථක වුනා කියලා තමයි මම නම් හිතන්නේ.ඒකට හේතුව තමයි මෙම පරිඝණක ක්‍රීඩාව කලින් NFS සංස්කරණ වලට වඩා ජනප්‍රිය නොවීම.

මේ සැරේ ඔයාලට NFS play කරන්න ලැබෙන්නේ වෙනස්ම විදියකට.ඒ කියන්නේ මෙතුවක් කල් අපි NFS ක්‍රීඩා කලේ නීතී විරෝධී ආකාරයට racing කරන්නනේ.නමුත් මෙහි නම් තියෙන්නේ ප්‍රසිද්ධියේ අපිට නියමිත මාර්ගයක වාහන තරග වල යෙදෙන්න.අපිට නීතීවිරෝධී ආකාරයට කිසිම තරගයක යෙදෙන්න නැහැ.මම නම් මේකට අකමැති ඒක නිසාමයි.හැබැයි ඔයාලා නම් මේ racing game එකට කැමති වෙයි.මේකෙත් අපිට කථාවකට අනුව ක්‍රීඩා කරන්න වෙනවා.එහිදී අපිට තරග ජයග්‍රහණය කල පසු තවත් අලුත් වාහන ලබාගන්න පුළුවන් වගේම එම වාහන නවීකරණය කරන්නත් අපිට පහසුකම් සලසාදී තියනවා.NFS pro street වල නම් 3GB rip file එකක් අද මට හම්බුණා.මම ඒක තමයි අද ඔයාලට දෙන්නේ.ඔයාලට හැමතිස්සේම rip files එකක් දෙන්න තමයි උත්සහ කරන්නේ.ඔන්න එහෙනම් මේකටත් comment එකක් දාන්නකෝ.


System Requirements - OS – Windows XP/Vista
Processor – 2.8GHz or faster (Windows Vista requires 3.0 GHz)
Memory – 512 MB RAM (Windows Vista requires 1 GB RAM)
Hard Drive – 8.1 GB (16 GB required for Digital Delivery)
DVD Drive – 8 SPEED (not required for Digital Delivery)
Video Card – 128 MB with Pixel Shader 2.0 (AGP and PCIe only)
Sound Card – DirectX 9.0c compatible
DirectX – Version 9.0c or higher
Multiplayer- 512 Kbps or faster; 2-8 Players
Input – Keyboard, Mouse
Optional – USB Steering Wheel / Dual Analogue Gamepad

Just Cause 2(රහසිගත නියෝජිතයෙක් වෙන්න)


ඔන්න සමහර යහලුවෝ අලුත් ම Game එකක් ඉල්ල ලා තිබුනා නේ ජගත් අය්යා ගෙන් සහ මගෙන් ඉතින් මම හිතුවා ඔයාලා ට ලගදි Release වෙච්ච Game එකක් දෙන්න , මේ Game එක Release උනේ March 26, 2010 සහ විශේශයෙන් කියන්න ඔනී මේක හදලා තියෙන්නේ Eidos ආයතනයෙන් , තව දෙයක් තමා මේ Game එකේ පළමුවෙනි වෙලුම ඔයාලට මම දුන්නා Free Game World වෙතින් , ඔයාලට මතකත් ඇති Just Cause : ඔව් අද මම දෙන්න යන්නේ ඒ Game එකේ දෙවන වෙලුම වන Just Cause 2 .

හැබැයි මුලින්ම කියන්න ඔනී Just cause 2 Game එකේ VGA සහා RAM එක වැඩියෙන් ඉල්ලනවා , ඒ නිසා පද්දතී අවශයතාවන් හොදට බලන්න !!!

අපි එහෙනම් Story Line එකට යමු , ඔයාලාJust Cause පළමුවෙනි වෙලුම Play කරානන් ඔයාලා දැනටමත් දන්නවා කරන්න තියෙන්නේ මොකක්ද කියලා...

ඔව් කලින් Game එක වගේම අපි රහසිගත Agency කට වැඩ කරන Agent ( Rico Rodriguez ) කෙනෙක් , ඉතින් අපිට මේ සැරෙත් Game එක පටන් ගන්නකොට Agency යෙන් දෙන Mission එකකට Panau කියන දුපතට යන්න වේනවා ....කියන්නත් අමතක උනා මේ පොඩි දුපතේ නායකත්වය අරන් ඉන්නේ Baby Panay කියන පුද්ගලයා, මෙන්න මේ පොඩි දුපතේ තමා අපිට Game එක Play කරන්න තියෙන්නේ.ඉතින් ගියපාර වගේ මේ පාරත් අපිට පුද්ගලයෙක් පසුපස හබා යන්න උනත් , මේ සැරේ අපිට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා , ඒ තමා මේ පොඩ් දුපත ට Russia, China, Japan සහා USA යන රටවල් වලින් විශල ලෙස බලපැම් එල්ල වෙන්න පටන් ගන්න වා ! ඉතින් මේ නිසා අපිට මේ හදිසි බලපැම් වලට හේතුව සොයා ගන්නත් වෙනවා !!! එහෙනන් යහලුවෙනි Play කරලා ම බලන්නකෝ !!! ස්ටොරිය වැඩිය කියන්නේ නැත්තේ Game එකේ කතාවත් ලොකුයි, ඒ වගේම ඉතුරු ටික කියපුවාහම Game එකේ අගයක් නැතිවෙයි කියන බයෙන් !!! :D :D :D

තවත් විශේශම කරුනක් වෙන්නේ මේ Game එක Play කරන්න පුලුවන්නේ Windows Vista සහා Windows 7 වල පමණයි මේ Game එක Windows XP වල Play කරන්න බෑ !!!


System Requirements :

Operating System: Microsoft Windows Vista or Windows 7 (Windows XP is unsupported)
Processor: Dual-core CPU with SSE3 (Athlon 64 X2 4200 / Pentium D 3GHz)
Graphics Card: Nvidia Geforce 8800 Series / ATI Radeon HD 2600 Pro with 256MB memory or equivalent DX10 card with 256MB
Memory: 2GB RAM
DirectX: Microsoft DirectX 10
Hard Drive: 10GB of free drive space
Optical Drive: DVD-ROM drive
Sound Card: 100% DirectX 10 compatible sound card
Internet Connection: Internet connection required for product activation
Input: Keyboard and mouse (Microsoft Xbox 360 controller optional)

Frontlines: Fuel of War (2024දී තෙල් වලටත් යුද්ධ කරන්න වෙයිද?)


අද ඔයාලට game එක දෙන්න පොඩ්ඩක් පරක්කු උනානේ.කොහෙද මම ඡන්දේ දාන්න ගියානේ.ඒකයි පරක්කු වුනේ.ඔන්න ඉතින් ඒ වුනාට මම පරක්කු වෙලා හරි අද දෙන්න හදන්නේ එළ කිරි first person shooting game එකක් තමයි.මේකට නම් ඔයාලා අනිවා ගොඩක් ආසා වෙයි.ඒක නිසාම තමයි ඉතින් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් මේ වගේම games දෙන්නේ.game එකේ නම තමයි Frontlines: Fuel of War.නමින්ම තේරෙනවනේ ඔයාලට මේක shooting game එකක් කියලා.2008 අවුරුද්දේ ගොඩක් අය කථා බහ කල shooting game එකක් තමයි මේකත්.

ලෝකයේ 2024 අවුරුද්ද පාදක කරගෙන තමයි මෙම පරිඝණක ක්‍රීඩාව දිව යන්නේ.එහිදී අපිට ක්‍රීඩා කරන්න තියෙන්නේ mechanic කෙනෙක්ගේ චරිතයක්.මේ game එකේදී ඔයාලට ගොඩක් දියුණු ආයුධ පරිහරණය කරන්න ලැබෙනවා.ඒවා අතර එක sniper gun එක විශේෂයි.තාක්ෂණය දියුණු රොබෝලා එක්කත් යුද්ධ කරන්න වෙනවා.ඉතමත් අලංකාර විදියට බාහිර පරිසරයද සකසා තියෙනවා මෙම පරිඝණක ක්‍රීඩවේදී.ලෝකයේ තෙල් අර්බුධයක් නිසා කරන යුද්ධයක් තමයි තියෙන්නේ.ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා හිතනවා.මට rip file එකකුත් හම්බුණානේ.ඒක 4GB විතර තමයි වෙන්නේ.ඔයාලා බාගන්නකෝ.comment එකක් දාන්නත් අමතක කරන්න එපා.


System Requirements - OS: Windows XP/Vista
Processor: Pentium 4 @ 2.8 GHz or Athlon Equivalent
Memory: 512 MB (1 GB for Vista)
Hard Drive: 15 GB Free
Video Memory: 128 MB (nVidia GeForce 7300/ATI RAdeon X850)
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive

Batman: Arkham Asylum (වික්‍රමාන්විත වවුල් වීරයා)


ඔන්න ගොඩක් අය මගෙන් ඉල්ලපු game එකක් අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලැබෙනවා.මේක මගෙන් ඉල්ලලා නම් ගොඩක් කල්,ඒත් දෙන්න ටිකක් පරක්කු වුණා.game එකේ නම තමයි Batman: Arkham Asylum.දැන් ඉතින් දන්නවනේ මේ game එක ලෝකයේ කොච්චර ප්‍රසිද්ධද කියලා නේද?2009 අවුරුද්දේ නිකුත් වුණු මෙම පරිඝණක ක්‍රීඩාව 2009 අවුරුද්දේ ලෝකයේ හොදම පරිඝණක ක්‍රීඩා 5 අතර තියන නිසාම තමයි අද මම මේක දෙන්න හිතුවේ.මේක නිර්මාණය කරලා තියෙන්නේ eidos කියන ආයතනය.ඒක නිසා ලස්සන story එකක් තියනවා මේ game එකේත්. මේ game එක අයත් වෙන්නෙත් action adventure කියන ගොඩට.ඔයාලා ගොඩක් කැමති මේ ජාතියේ games වලට නේද?

Game story එකේ තියෙන්නේ batman මුලින්ම අල්ලනවා joker කෙනෙක්ව.ඔන්න ඔතන ඉදන් මේ joker තමයි කථාවේ හතුරා වෙන්නේ.ඒක නිසා ඔහු ගොඩක් උත්සහ කරනවා batmanව අල්ලගන්න.අපි jokerව අල්ලගෙන ගිහින් දාන්නේ පිස්සන් කොටුවකට.නමුත් මේ joker මෙහිදී මෙම පිස්සන් කොටුව තමාගේ පාලනයට යටත් කරගන්නවා.ඔයාලට තේරෙනවනේ කොහොමද game එකේ නම හැදුනේ කියලා නේද?මේ game එකේදී batmanව පාලනය කරන්න ඔයාලට ලැබෙන නිසා ගොඩක් අළුත් ක්‍රියාදාම වල ඔයාලට යෙදෙන්න පුළුවන්.batmanගේ ඇදුම වගේම batmanගේ වාහනයද පාවිච්චි කරන්න ඔයාලට ලැබෙනවා.ඔයාලා මේ game එක download කරලා බලන්නකෝ කොහොමද කියලා.මේකේ setup file එක නම් 8GB විතර වෙනවා.පද්ධති අවශ්‍යතා බලලා download කරගන්න.


System Requirements - OS: Windows XP Sp2/Vista Sp1
Processor:P4 2.8GHz (3.2GHz Vista)/Athlon 64 3000+ (3200+ Vista)
Memory:1GB (1.5GB Vista)
Hard Drive:12GB
Video Memory: graphics card with 256MB (SM 2.0b). NVidia 6800 or ATI X700.
Sound Card:DX9.0c compliant
DirectX:9.0C
Keyboard & Mouse
DVD Rom Drive

Hitman: Contracts (ත්‍රාසය මුසු වූ අතීත මතකයන්)


මම අද ඔයාලට දෙන්නේ hitman series එකේම 3වෙනි කොටස.මේකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා.ඒක නිසා තමයි අද මම මේක දෙන්න හිතුවේ.සමහර අය මගෙන් ඉල්ලලා තිබ්බා අනිත් hitman version ටිකත් දාන්න කියාලා.ඔන්න ඒ නිසා අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් Hitman: Contracts game එක අපි දෙනවා.මේකත් සුපුරුදු පරිදිම eidos ආයතනයේ නිපැයුමක්.මේක නිකුත් වුනේ 2004 අවුරුද්දේ,ඒ අවුරුද්දේ පරිඝණක ක්‍රීඩා වලට සාපේක්ෂව මෙම ක්‍රීඩාව ඉතමත් ඉහල මට්ටමක පැවති නිසා ලෝකයේ එවකට වඩාත් ජනප්‍රිය විය.

මේකේ කථාව ගැන කියනවා නම් මේක පටන් ගන්නේ පිස්සන් කොටුවකින්.ඔයාලට මතකද කියන hitman : codename47 පලවෙනි කොටසේ අවසානයට 47 කියන අපි ක්‍රීඩා කරන ක්‍රීඩකයා ඔහුව නිර්මාණය කල තැනැත්තාව ඝාතනය කරනවා.අන්න එතනින් තමයි Hitman: Contracts game එක පටන් ගන්නේ.එහිදී මුළු එම ස්ථානයම වටකර ඉන්නේ ආරක්ෂක අංශ විසින්.එතනින් පැනයාම තමයි මුල්ම mission එක විදියට තියෙන්නේ. එතනින් පැනයන මොහු නැවතත් ඔහුගේ සුපුරුදු රැකියාට තෝරගන්නවා.ඔහු එහිදී බාරගන්න කොන්ත්‍රාත්තු වලට අනුව තමයි අපිට game එක play කරන්න තියෙන්නේ.මෙතනදී ඔහුට එල්ල වන දරුණු ප්‍රහාරයක් නිසා මරණාසන්නව තමයි ඉන්නේ.ඒ නිසා ඔහුට පරණ මතකයන් ඔහුගේ මතකයට නැගෙනවා.ඒවාද අපිට ක්‍රීඩා කරන්න වෙන නිසා game එක තව තවත් කුතුහලය වැඩිවන ක්‍රීඩාවක් වී තියනවා.ඔයාලා game එක play කරලම බලන්නකෝ කොහොමද කියලා.1GB විතර වෙන setup file එකක් තමයි තියෙන්නේ.ඒක install කරන කොට notepad file එක කියවලාම install කරන්න.එහෙනම් මේකටත් comment එකක් දාන්නකෝ.


System Requirements - CPU: Pentium 4 1.6GHz or Athlon XP equivalent
RAM: 256 Mb
GRAPHICS: 64Mb 3D Card -100% DirectX 9 compatible
SOUND: Windows -compatible sound card (100% DirectX 9 compatible)
CD-ROM: Eight-speed (8x) CD-ROM drive or faster
Microsoft Windows 98SE/2000/XP (admin rights required)

Hitman 2: Silent Assassin (සල්ලිද???ජීවිතයද???)


ඔන්න අද නිවාඩු දවසේ ඔයාලට මම දෙන්න හදන්නේ ලස්සන ඒ වගේම ඔයාලා තවත් ආසවෙන් ක්‍රීඩා කරයි කියලා හිතන shooting game එකක්.shooting වගේම මේක action adventure ගොඩටත් ගන්න පුළුවන්.ඊයේ ඔයාලට මම මේකේ පළවෙනි කොටස දුන්නානේ.මට අද හිතුනා දෙවෙනි කොටසත් මේ නිවඩු දවස නිසා දෙන්න.මේකේ නම තමයි Hitman 2: Silent Assassin.නමින්ම තේරුම් ගන්න පුළුවන්නේ එකේ මොනාවද කරන්න තියෙන්නේ කියලා.eidos ආයතනයේ නිර්මාණයක් වන මෙම පරිඝණක ක්‍රීඩාව ලෝකයට නිකුත් කලේ 2002 අවුරුද්දේදී තමයි.

ඔයාලා දැන් දන්නවනේ කථාවේ නායකයා 47 කියලා හදුන්වන කුලියට මිණීමරන පුද්ගලයෙක් කියලා.මෙහි මුලින් කොටසේ අවසානයට වෙන දේ ඔයාලට මතක ඇතිනේ.එතනින් පසු මොහු පල්ලියක වතු කම්කරුවෙක් විදියට සේවය කරමින් ඉන්නවා.ඔහුගේ කුරිරුකම අතහැර තමයි ඔහු ඉන්නේ.නමුත් අවාසනාවකට පල්ලියේ ඉන්න පියතුමාව පැහැරගන්නවා.එතනින් පසු ඔහු නැවතත් ඔහුගේ සුපුරුදු රැකියාව වන කුලියට මිණීමැරීම ඔහුගේ ඉදිරි රැකියාව ලෙස තෝර ගන්නවා.ඔන්න ඔතන ඉදන් තමයි Hitman 2: Silent Assassin පටන්ගන්නේ.අවසානය ගැන මම කියන්න යන්නේ නැහැ.ඒක ඔයාලා play කරලම දැනගන්නකෝ.මෙකේදීත් ඔයාලට අළුත් ආයුධ ගොඩක් පාවිච්චි කරන්න ලැබෙනවා.මම හිතනවා මේකෙන් ඔයාලා ගොඩක් සතුටු වෙයි කියලා.ඉක්මනට බාගන්නත් පුළුවන්.450mb විතර තමයි setup file එක වෙන්නේ.ඒක නිසා ඉක්මණට download කරගෙන comment එකකුත් දාන්නකෝ.


System Requirements - Microsoft Windows 98/ME/XP
Pentium 3 450 MHz or equivalent
100% DirectX 8.1 compatable video card with at least 16 megabytes of video memory
128 MB system RAM
100% DirectX 8.1 compatable sound card
800 MB uncompressed free hard drive space
100% Windows 98/ME/XP compatable mouse and keyboard

Hitman: Codename 47(ඔබ සැලසුම් සහගත මිණීමරුවෙක්ද?)


අද මම ඔයාලට දෙන්න යන game එක නම් ඉතින් පරණයි.ටිකක් නෙවෙයි ගොඩක් පරණයි.නමුත් මේක අද අළුතෙන් අරන් ක්‍රීඩා කරන කෙනක් ඉන්නවා නම් එයත් අනිවාර්යයෙන් මේක ක්‍රීඩා කරන්නේ ගොඩක් ආසාවෙන් වගේම ගොඩක් කුතුහලයෙන්.game එක තමයි Hitman: Codename 47. Hitman වල ගොඩාක් version තියනවානේ.ඒවා ඔක්කොම ටික පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට දෙනවා.අද මේ දෙන්නේ hitman එකේ පලමුවෙනි පරිඝණක ක්‍රීඩාව තමයි.මම මේ game එක play කරන කොට මට හීනෙනුත් පෙනුනේ ඉතුරුවෙලා තියන ටික ක්‍රීඩා කරන්න ඕනේ විදි තමයි.මම නම් මේක සෙල්ලම් කලේ ඇබ්බැහි වෙලා වගෙයි.

අපි මෙම ක්‍රීඩාවේ ක්‍රීඩා කරන්නේ මිණීමරුවෙක් විදියටයි.ඒක නිසා ඉතින් තියෙන්නේ මිණීමරන්න තමයි.හැබැයි ඉතින් නිකන් ගිහින් තුවක්කුවකින් වෙඩි තියලා මිණීමරන්න බැහැ.එහෙම කලොත් මුලින්ම මැරෙන්නේ අපිම තමයි.ඒක නිසා අපි මුලින්ම සැලැස්මක් හදාගන්න ඕනේ.අපිට ඒ අසල සිටින ඕනම කෙනෙක්ගේ ඇදුම් ගන්න පුළුවන්.ඒක නිසා වෙස්වලාගෙන අපිට අවශ්‍ය දේ කරගන්න උත්සහ කරන්න ඕනේ.game එක ලේසි නම් නැහැ.ඒක නිසා ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ.ඔයාලා අනිවාර්යයෙන්ම කැමති වෙයි කියලා මම දන්නවා.මේක වැඩි වෙලා යන්නෙත් නැහැ download කරගන්න.400 mb විතර setup එක වෙන්නේ.ඒක නිසා ඉක්මණට download කරගෙන comment එකකුත් දාන්නකෝ.

මෙන්න මෙතනින් torrent බාගන්නකෝ

Rapidshare නම් මෙතනින් බාගන්න

Part 1
Part 2
Part 3



System Requirements - Pentium II 300MHz or equivalent processor
64MB RAM
400MB hard drive space
8X CD-ROM drive
DirectX 7.0 compliant 3D accelerated video card with 12MB VRAM
DirectX 7.0 compliant sound card
DirectX 7.0 or higher (included)
Keyboard, Mouse

Age of Empires III: The WarChiefs Expansion Pack (වෙනස්ම මුහුණුවරක් සමග සුපුරුදු ක්‍රීඩාවම)


හැමදාම වෙනස් දෙයක් ඔයාලට දෙන්න උත්සහ කරන පරිඝණක ක්‍රීඩා ලෝකය අදත් ඔයාලට වෙනස්ම දෙයක් දෙන්න තමයි හදන්නේ.ඒ තමයි game expansions ගැන විස්තරයක් සහ ලෝකයේ ප්‍රසිද්ධම strategy game එකක expansion එකකුත් එක්කම.ඔන්න යහලුවනේ අද දෙන්න යන game එක Play කරන්නනන් ඔයාලට Age Of Empire III Install කරලා තියෙන්න ඔනී , මොකද මේ තමයි Age of Empires Mythology වලට පස්සේ ආව Game එක ඔයාල ලග Age Of Empire III නැතිනම් ටක්ගාලා Age Of Empire III Free Game World එකෙන් Download කරලා මේ Age of Empires III: The WarChiefs Expansion Pack එකත් Download කරලා Install කරගන්න .පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් දුන්න age of empires වල ඔය expantion 2කක් එක්කම තමයි තියෙන්නේ.

හරි දැන් ඔයාලා බලයි මොකක්ද මේ Expansion Pack එකක් කියන්නේ කියලා ? දැන් එන ගොඩක් games Expansion Pack විදිහට තමා එන්නේ !

EX : ඔයාලා දන්නවාත් අතී Sims 2 Game එක ඒ Game එකේ ඊලගට Expansion Pack ගොඩක් ආවා Sims 2 Night Life කියලා ... එවාගේ Age Of Empires Game එකේ පස්සේ ආව Game එක Expansion Pack එකක් විදිහටයි අවේ ! Game Expansion Pack විදිහට එන එක ඔයාලට වසියක් වෙන්නත් පුලුවන් අවාසියක් වෙන්නත් පුලුවන් ! :D

හරි අපි දැන් Game එක ගැන කතා කොලොත් ! ඔයාල නමෙන්ම දන්නවා මේ Strategy Game එකක් කියලා , මේ සැරේ ඔයාලට Play කරන්න තියෙන්නෙත් තමන්ගෙම Army එකක Leader කෙනෙක් විදිහටයි ! Age of Empires Mythology වලට වඩා Graphics අතින් හොද තත්වයක පවතින මේ Game එකේ ඔයාලට අසාවෙන් Play කරන්න පුලුවන් ලස්සන Strategy Game එකක් !!! Play කරලා ම බලන්නකෝ !

ඔයාලට මේ Game එක network කරලා Play කරන්නත් පුලුවන් ! :D
Game එක Install කරන්න එච්චර අමාරු නැහැ , ඔයාලා Age Of Empire 3 Install කරලා මේ Age of Empires III: The WarChiefs Expansion Pack එක සාමාන්‍ය Game එකක් Install කරන විදිහට Install කරන්න !!!මේකත් උත්සහ කරලා බලන්නකෝ.ඔන්න expansion pack දුන්නා.comments තමයි ඉතින් ඕනේ.මතක් කරලා comments දාන්න හොදේ.


System Requirements :

Windows XP or Vista
1.4 GHz Processor
256 MB of RAM ( 512 MB)
64 MB video card ( 128 MB) capable of Hardware T&L
32x speed or faster CD-ROM drive
2.9 GB of available hard disk space
56.6 kbit/s or 512kbps better modem for online play
DirectX 9.0c or above

Special Notes : This Game Can Play On Ge force 64 VGA and ATI 64 VGA *

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Counter Strike 1.6 (කට්ටිය සෙට් වෙලා වෙඩිතියමුද?)


අද ඔන්න පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් අළුත් දෙයක්,ඒ කියන්නේ අපි මෙතුවක් කල් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් නොදුන් දෙයක් දෙන්න තමයි හදන්නේ.Online games ගහලා තියනවද ඔයාලා?

ඒ කියන්නේ පරිඝණකය වෙනුවට online internet එකේ ඉන්න කෙනෙක් එක්ක game එකක් ක්‍රීඩා කරලා තියනවද?ඒක හරිම ආස හිතෙන ඒ වගේම එක පාරක් ක්‍රීඩා කලොත් ආයෙත් අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්න හිතෙන විදියක්.ලෝකයේ මේ අයුරින් බොහෝ පිරිස් online ක්‍රීඩා කරනවා.එහෙම ක්‍රීඩා කරන පරිඝණක ක්‍රීඩා වලින් ලෝකයේ ජනප්‍රියම පරිඝණක ක්‍රීඩාව තමයි Counter Strike 1.6 කියන ක්‍රීඩාව.අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලැබෙන්නේ ඒ online play කරන්න පුළුවන් game එක තමයි.

මේක සාමාන්‍ය shooting game එකක්.මේ game එකේදී ඔයාලට තියෙන්නේ වෙඩි තියාගන්න තමයි.ඒකට ගොඩක් අය දක්ෂයි නේද?මම දැන් කියන්නම් කොහොමද online කරන්නේ කියලා.ඔයාලා මේක මුලින්ම බාගන්න.ඊට පස්සේ game එක install කරගන්න.සාමාන්‍ය game එකක් install කරන විදියටම තමයි මේක install කරන්න තියෙන්නේ.හරිම සරලයි.

ඊට පස්සේ ඔයාලා game එක open කරගන්න.එතකොට ඔයාලා game එකේ menu එකට යනවා.එතන තියනවා find server කියලා.අන්න ඒක click කරන්න.එතකොට bok එකක් open වෙනවා.ඒ box එකේ තියනවා favorites කියලා tab එකක්.tab එකේ තියනවා add server කියලා.

අන්න එතන මෙන්න මේ IP (222.165.133.154:27015)එක add කරන්න.ඒක ලංකාවේ gamers.lk කියන web site එකේ server එක.ඒකේ ඔයාලට පුළුවන් ලංකාවේ අයත් එක්කම game එක play කරන්න.add කලාට පස්සේ ඒ server එක උඩ select කරලා connect කරන්න.එතකොට වැඩේ හරි.

ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ එහෙනම්.මම හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා.මේකේ setup file එක 450MB විතර තමයි වෙන්නේ.එහෙනම් Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.


System Requirements - 1.2 GHz Processor,
256MB RAM,
DirectX 7 level graphics card,
Windows 2000/XP/ME/98,
Mouse,
Keyboard,
Internet Connection

විශේෂ ස්තූතිය Rey Maduwantha සොහොයුරාට

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers